පොලිස් සුනඛයන් සහ පොලිස් නිලධාරීන් යොදවා වව්නියාව රෝහලේ අද විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙනවා.
වව්නියාව ආරක්ෂක අංශ පවසා ඇත්තේ රෝහල් භූමියේ ආරක්ෂක තත්ත්වය පරීක්ෂාව වෙනුවෙන් එය සිදු කර ඇති බවයි.
වව්නියාව රෝහලේ වාට්ටු සංකීර්ණය සහ රෝහල් භූමියේ අනෙකුත් ගොඩනැගිලි මෙන්ම රෝගීන්ගේ ගමන්මලූ පවා එහිදී පරීක්ෂාවට ලක්කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.
කෙසේ වෙතත් එම පරීක්ෂාවේදී සැකකටයුතු කිසිවක් සොයා ගෙන නොමැති බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.
මෙවැනි තවත් උණුසුම් සහ සත්‍ය පුවත් එසැණින් දැන ගැනීමට Neth FM Viber Group එක හා මෙතනින් එකතු වන්න.Click Here