Tuesday, April 16, 2024

General line - 0115112241

සාමනේර හිමිවරුන් දෙනමකට පහර දුන් සැකකරු 24 තෙක් රිමාන්ඩ්

සමන්ත කුමාර




හොරොව්පතාන ස්වර්ණ තිලකාරාම පිරිවනේ සාමනේර හිමිවරුන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධියට සම්බන්ධ සැකකරු මේ මස 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ කැබතිගොල්ලෑව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් එච් ඒ මාලින්ද දර්ශන අල්විස්ගේ නියෝගයකට අනුවයි. එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ සරණ පාලගේ චමින්ද ගලබොඩ නොහොත් උටියා නැමැති තිදරු පියෙක්. ඔහු කුඩා වෙළදසැලක් පවත්වාගෙන යන අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ. සැකකරු මෙම පහර දීම සිදු කර ඇත්තේ ඉකුත් 07වනදා පස්වරුවේයි.

ඒ චොක්ලට් සොරකම් කල බවට එම සාමනේර හිමිවරුන් දෙනමට චෝදනා කරමින්. අදාල සිද්ධිය දුටු පුද්ගලයෙකු සිය ජංගම දුරකථනයෙන් එය වීඩියො ගත කර සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එම සාමනේර හිමිවරුන් දෙදෙනාට සැකකරු විසින් අමානුෂික ලෙස මුහුණට කම්මුලට සහ  හිසට පහර දෙන අකාරය එම දර්ශන වල ඇතුළත්. එම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ෂන සිදු කල හොරොව්පතාන පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේයි. පහර කෑමට ලක්වූ 11හැවරදි සහ 14 හැවරිදි සාමනේර හිමිවරුන් දෙනම අනුරාධපුර රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.