Friday, March 29, 2024

General line - 0115112241

අපේක්ෂකත්ව අර්බුදය විසදගන්න එජාපේ තවත් සාකච්ඡාවක් සිකුරාදාට පෙර

දිල්ශාන් තුෂාර/සමන්ත කුමාර/සිතාරා අතුකෝරළ




ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂවල නායකයන් අතර නිල මට්ටමේ සාකච්ජා එළඹෙන සිකුරාදාට පෙර පැවැත්වෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවසනවා.

අමාත්‍ය සජිත් පේ‍්‍රමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට නම් එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂවල එකගතාවය ලබා ගන්නා ලෙස ඊයේ පැවති සාකච්ඡුාවේදී අග‍්‍රාමාත්‍යවරයා දැනුම් දුන් බවයි සජිත් පාර්ශවය නියෝ්ජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු අද ප‍්‍රකාශ කලේ. ඒ අනුව අදාල සාකච්ඡා පැවැත්වෙන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙලෙස අදහස් පල කළා.



එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡුාවේදී කිසිදු අවස්ථාවක ප‍්‍රකාශ කර නොමැති බවද රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මෙහිදී කියා සිටියා.

මේ අතර අරලියගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහාචාර්ය ආශු මාරසිංහ ද එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකය සම්බන්ධයෙන් මෙලෙස අදහස් පල කලා.