Thursday, April 25, 2024

General line - 0115112241

"හොඳම අධ්‍යාපන ඇමති අකිල" - රෝසි කියයි




පුංචි ශ්‍රී ලංකාවේ 'මෑතක දී බිහිවූ හොඳම අධ්‍යාපන ඇමතිවරයා ලෙස තමන්  දකින්නේ'  අකිල විරාජ් කාරියවසම් ඇමතිවරයා බව  කොළඹ පුරපතිනි රෝසි සේනානායක පවසනවා.

පුරපතිනිය සඳහන් කරන්නේ  තිදරු මවක් ලෙස බය නැතිව තමන් ඒ ගැන කතා කරන බවයි.

'ළඟම පාසල වැඩසටහන' යටතේ නාරාහේන්පිට සුජාතා විද්‍යාලයේ විදුහල්පති නිල නිවස විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

"ළඟම  පාසල  හොඳම පාසල ජාතික වැඩසටහන යටතේ අකිල විරාජ් කාරියවසම් අධ්‍යාපන ඇමතිවරයා විසින් සුවිශේෂී  වැඩසටහනක්  ශ්‍රී ලංකික දුවා  දරුවන් වෙනුවෙන් ඇතිකර  තිබෙනවා. අපේ දෙමාපියන්ගේ  එකම අභිලාශය  තමාගේ දරුවාව  ලංකාවේ ජාතික පාසලකට දා ගන්න එක. එහෙම බැරි වූ විට දරුවන් මෙන්ම දෙමාපියනුත් මානසිකව වැටෙනවා.

ඊට පස්සේ පහේ ශිෂ්‍යත්වය ලුහු බඳිනවා. පහේ ශිෂ්‍යත්වයට දරුවන්ට වඩා තරග කරන්නේ   දෙමාපියෝ. මොකද තමාගේ දරුවාව ජාතික පාසලකට දා ගන්න තියෙන ආශාව. මේ තත්ත්වයෙන්  මිදෙන්න මේ රටේ සියලුම පාසල් සුපිරි පාසල් කරන්න තමයි වත්මන්  අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඇමතිතුමා ක්‍රියාත්මක වුණේ.

ළඟම  පාසල  හොඳම පාසල  සංකල්පය පමණක් නෙවෙයි ගුණ නැණ බල සපිරි මානව හිතවාදී  සිසු පරපුරක් බිහි කරන එක එතුමගේ එකම අභිලාශය වෙලා තිබෙනවා. එතුමා මේ අවුරුදු හතර ඇතුළත සුවිශේෂී වූ වැඩ කොටසක් කළා.. කියන එක පැහැදිලිව බය නැතිව  තිදරු මවක් හැටියට මම කියනවා." යනුවෙන්ද සඳහන් කළා.

මේ වැඩසටහන තුළින් ලංකාවේ පාසල්  98%කට විදුලි පහසුකම් ලබා දීමට හැකි වී තිබෙන අතර පාසල්වල විශාල ගැටලුවක් වී තිබූ වැසිකිළි පහසුකම්ද දියුණු කර තිබෙනවා.