Friday, March 29, 2024

General line - 0115112241

අධිචෝදනා භාර දීමට "ඇවන්ට්ගාඩ්" විත්තිකරුවන්ට උසාවි එන්නැයි සිතාසි

දිනුක් හේවාවිතාරණ




“ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම්වරයා ඇතුළු විත්තිකරුවන් 13 දෙනෙකුට ලබන 27 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (12) සිතාසි නිකුත් කරනු ලැබුවා.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව චෝදනා 7573 ක් යටතේ නීතීපතිවරයා විසින් පවරන ලද නඩුවේ අධි චෝදනා පත්‍ර බාරදීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවන් කොළඹ මහාධිකරණයට කැඳවමින් මෙලෙස සිතාසි නිකුත් කර ඇති බවයි නිතිපති දෙපාර්තමේන්තුව සඳහන් කලේ.

නීතීපති දප්පුල ද ලිවේරා මහතාගේ ඉල්ලීමක් පිළිගනිමින් මෙම නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් පත් කිරීමෙන් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරනු ලැබුවා.

අධිකරණ ඉතිහාසයේ එක් නඩුවක සඳහා මෙවැනි අධිචෝදනා ප්‍රමාණයක් ඉදිරිපත් කොට ඇත්තේ ප්‍රථම වතාවට බවයි නීතිපති දෙපාර්තමේන්තුව සඳහන් කරේ.

ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑමේ සිද්ධියට අදාළව “ඇවන්ට් ගාඞ්” සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 13 දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් නීතීපතිවරයා විසින් කොළඹ මහාධිකරණයේ ලේඛාධිකාරීවරයාට යවා ඇති  ලිපියක් මේ වන විටත් කොළඹ මහාධිකරණයේ ප්‍රදර්ශනය කෙරේ.