Saturday, April 20, 2024

General line - 0115112241

රනිල්ගේ තීරණය කිරිඇල්ල කියයි

දිල්ශාන් තුෂාර




ජනාධිපතිවරණය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවීමට යෝජනා වී තිබෙන සන්ධානය පිහිටුවීම තව තවත් කල් දැමීම සුදුසු නොවන බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ නෙත් නිවුස් සමග සංවාදයකදීයි. 

එහිදී "කවුරු අපේක්ෂකයා කිව්වත් සන්ධානයක් හදලා තමයි ජයග්‍රහණය කරන්න ඕනේ. ඒක කල් දැමීම අනුවන ක්‍රියාවක්. දැන් සන්ධානේ සියලු පක්ෂ එකඟ වෙලා ඉන්නේ. නායකතුමා කියන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කෙරුවට පස්සේ අපි අපේක්ෂකයා නම් කරමු කියලයි." යනුවෙන්ද සඳහන් කළා.