Thursday, April 18, 2024

General line - 0115112241

අර්ජුන මහේන්ද්‍රන් ලංකාවට රැගෙන ඒමේ ලියවිල්ල සිංගප්පුරුවට 

දිනුක් හේවාවිතාරණ




හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ශ්‍රී ලංකාවට පිටුවහල් කරන මෙන් දන්වා ඊට සම්බන්ධ පිටු 21,000 කින් යුත් පිටුවහල් කිරීමේ ලියකියවිලි සිංගප්පූරුවේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයට, විදේශ අමාත්‍යාංශය විසින් යොමු කර ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව පවසයි.

මෙම ඉල්ලීම අදාළ ක්‍රියාමාර්ග සඳහා සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයට යවන බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කර සිටියේ.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අත්සන් කරන ලද මෙම ලියකියවිලි නීතිපති දෙපාර්තමේන්තුව විසින් විදේශ කටයුතු හා ආරක්ෂක අමාත්‍යාංශයන් වෙත භාර දී තිබේ.

මහ බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර නීතිවිරෝධී ලෙස නිකුත් කිරීම මගින් 2015 දී රජයට දැවැන්ත පාඩු සිදු කළ බවට චෝදනා ලැබූ ප්‍රධාන සැකකරුවෙකු වන හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සිංගප්පූරුවේදී අත්අඩංගුවට ගැනීම සඳහා නිකුත් කරනු ලැබූ අධිකරණ වරෙන්තු සහ ඉන්ටර්පෝල් අනතුරු ඇඟවීම් මග හරිමින් සිටියි.