Thursday, April 25, 2024

General line - 0115112241

කංජිපානිගේ පියා, සොහොයුරා ඇතුළු හය දෙනෙකු අත්අඩංගුවට

නිශාන් ද සිල්වා / රවීන්ද්‍ර චන්ද්‍රලාල්




බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින කංජිපානි ඉම්රාන් බැලීමට පැමිණි ඔහුගේ පියා, සහෝදරයෙකු ඇතුළු හය දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ආහාර බදුනක සඟවා ජංගම දුරකතන 2ක් සහ චාර්ජර් දෙකක් රැගෙනඒම හේතුවෙන්. 

කංජිපානි ඉම්රාන්ට ලබාදීම සදහා සැකකරුවන් විසින් බදුන් 3 ක ආහාර ගෙනවිත් තිබෙනවා. ඉන් එක් බදුනක අදාළ තහනම් ද්‍රව්‍ය සූක්‍ෂම ලෙස සඟවා තිබු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ.

එලෙස අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් ගේ විස්තර පහත දැක්වේ.