Saturday, April 20, 2024

General line - 0115112241

ඇල්පිටියේ අභියෝගය ගැන සජිත් කතා කරයි

සජිත් තිලකරත්න/සමන්ත කුමාර




වර්තමානයේ එක්සත් ජාතික පක්‍ෂයට ඇති ප‍්‍රධානතම අභියෝගය ජනාධිපති අපේක්‍ෂකයා තීරණය කිරීම බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා.

මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා.

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා මැතිවරණයෙන් එක්සත් ජාතික පක්‍ෂ්‍ය ජයග‍්‍රහණය කර පෙන්වන ලෙසට එල්ල වී ඇති අභියෝගය භාර ගන්නේ දැයි එහිදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නයකට අමාත්‍යවරයා ප‍්‍රතිචාර දැක්වූයේ මෙලෙසයි. 


මහනුවර අස්ගිරි මහා විහාරයේ අභිනවයෙන් ඉදිකළ බටහිර වාහල්කඩ විවෘත කිරීමේ උත්සවයටද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද එක් වුණා.