Saturday, April 20, 2024

General line - 0115112241

බංග්ලාදේශ ප්‍රීමියර් ලීග් තරගාවලිය මෙවර නොපැවැත්වෙන බව හෙළිවේ

කසුන් කැලුම්




මෙවර බංග්ලාදේශ ප‍්‍රිමියර් ලීග්  තරගාවලිය නොපැවැත්වීමට බංග්ලාදේශය ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා. 

ඒ, එම තරගාවලියට එක්වන කණ්ඩායම්වල හිමිකරුවන්  සහ බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය අතර ඇති ගැටලූ විසදා ගැනීමට නොහැකි වීම හේතුවෙන්. 

ඒ වෙනුවට බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතනය විසින් මෙම වසරේ දී වෙනත් පන්දුවාර 20යි 20 ක‍්‍රිකට් තරගාවලියක් සංවිධාන කිරීමට කටයුතු යොදා තිබෙනවා. එය ඔස්ටේ‍්‍රලියානු බිග් බෑෂ් තරගාවලියට සමාන ස්වරූපයක් ගනු ඇති බව බංග්ලාදේශ මාධ්‍ය වාර්තා කළේ.