Friday, April 19, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකා තරගාවලිය වෙනස් නොකිරීමට පාකිස්තානය දැඩි තීරණයක

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය වෙනස් නොකරන බව පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය පවසනවා. එම තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීමද ප‍්‍රතික්‍ෂේප කරන බවයි පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය සදහන් කර ඇත්තේ. 

පාකිස්තානයේ තරග සංචාරයක නිරතවීමට සූදානමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට තමන් වෙත තොරතුරක් ලැබී ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණා. ඊට ප‍්‍රතිචාර දක්වමින් පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය පැවසුවේ තමන්ට ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි. 

මෙම තරගාවලිය අවලංගු කරන්නේ නම් එහි බලපෑම පාකිස්තානයේදී ඉදිරියේදී පැවැත්වීමට නියමිත පාකිස්තාන සුපර් ලීග් තරගාවලියටද බලපෑමක් එල්ල කරනු ඇති බවටයි පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලය කියාසිටියේ. එසේ වුවහොත් පාකිස්තානයට යළිත් ජාත්‍යන්තර කි‍්‍රකට් වරම් ලබාගැනීමේ අවස්ථාවද අහිමි වන බව ඔහු සදහන් කළා. 

මේ වනවිට ඇන්ජලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග ඇතුළු කි‍්‍රකට් කී‍්‍රඩකයින් දස දෙනෙකු ද පාකිස්තාන කි‍්‍රකට් තරගාවලියට එක් නොවන බව ශ‍්‍රී ලංකා කි‍්‍රකට් ආයතනය වෙත දැනුම්දී තිබෙනවා. 

එම තරගාවලියට එක්වන එක්දින සහ විස්සයි විස්ස සංචිතය ඉකුත්දා ප‍්‍රකාශයට පත් කළා. ඒ අනුව පාකිස්තාන තරග සංචාරයේදි ශී‍්‍ර ලංකා එක්දින කණ්ඩායමට ලහිරු තිරිමාන්න නායකත්වය ලබාදෙන අතර විස්සයි විස්ස කණ්ඩායම මෙහෙය වන්නේ දසුන් ශානකයි.