Wednesday, April 24, 2024

General line - 0115112241

ශී‍්‍ර ලංකාවට එරෙහි කි‍්‍රකට් තරගාවලියට පාකිස්තානය සිය නායකයා නම් කරයි

කසුන් කැලුම්




ශී‍්‍ර ලංකා කණ්ඩායම සමඟ පැවැත්වෙන එක්දින සහ විස්සයි විස්ස තරගාවලියට එක් වන පාකිස්තාන කණ්ඩායමේ නායකත්වයට සෆ්රාස් අහමඞ් පත් කර තිබෙනවා. උප නායකයා ලෙස නම් කර ඇත්තේ බාබර් අසාම්.  

ශී‍්‍ර ලංකාව සහ පාකිස්තානය අතර එක්දින තරග 3 ක් සහ පන්දුවාර විස්ස තරග 3 ක් ලාහෝර් සහ කරච්චි නුවරදී පැවැත්වීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ. පාකිස්තානයේ තරග සංචාරයක නිරතවීමට සූදානමින් සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල විය හැකි බවට තමන් වෙත තොරතුරක් ලැබී ඇති බව අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඉකුත්දා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට දැනුම් දී තිබුණා. 

කෙසේවෙතත් පාකිස්තාන කි‍්‍රකට් පාලක මණ්ඩලය පැවසුවේ තමන්ට ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බවයි. මෙම තරගාවලිය සදහා සත්කාරකත්වය ලබාදීමට සාජා කී‍්‍රඩාංගණය සුදානම් බවද එහි බලධාරීන් මීට පෙර ප‍්‍රකාශ කර තිබුණා. 

කෙසේවෙතත් පාකිස්තාන කි‍්‍රකට් පාලක මැදිරිය පැවසුවේ එම තරගාවලිය වෙනත් රටකදී පැවැත්වීම ප‍්‍රතික්‍ෂේප කරන බවයි. ශී‍්‍ර ලංකා - පාකිස්තාන පළමු එක්දින තරගය ලබන 27 වනදා කරච්චි නුවරදි පැවැත්වීමටයි මේ වනවිට සැලසුම් කර ඇත්තේ.