Friday, March 29, 2024

General line - 0115112241

ශ්‍රී ලංකා ඔලිම්පික් කණ්ඩායම අද බ්‍රසීලයට




බ‍්‍රසීලයේ රියෝද ජැනයිරෝ නුවර පැවැත්වෙන රියෝ ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම අද (01) දිවයිනෙන් පිටත්ව යනවා.

ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන මැරතන් ශූර අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ, නිලූකා ගීතානි රාජසේකර සහ හෙල්ල විසි කිරීමේ ඉසව්වට එක්වන සුමේධ රණසිංහද අද පිටත්ව යන ශී‍්‍ර ලංකා කණ්ඩායමට ඇතුළත්.

ඊට අමතරව බැඞ්මින්ටන් ඉසව්වට එක්වන නිලූක කරුණාරත්න, පිහිනුම් ඉසව්වට එක්වන කිමිකෝ රහීම් , බර ඉසිලීමේ ඉසව්වට එක්වන සුදේශ් පීරිස් සහ ජූඩෝ ඉසව්වට එක්වන චාමර නුවන් ධර්මවර්ධනද බ‍්‍රසීලය බලා අද පිටත්ව යනවා.

මෙවර රියෝ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 9 දෙනෙකු සහභාගි වනවා.

1