Saturday, April 20, 2024

General line - 0115112241

පොහොට්ටුවේ 39ක කණ්ඩායමක් තවත් දේශපාලන මෙහෙයුමක් අරඹයි

දිල්ශාන් තුෂාර




උතුරේ ජනතාව දිනා ගැනීම සඳහා සිය පාර්ශ්වයේ මන්තී‍්‍රවරුන් 39 දෙනෙකු ඇතුළත් කණ්ඩායමක් අද (15) සිට එම පළාත පුරා දේශපාලන මෙහෙයුම් ආරම්භ කරන බව ශ‍්‍රී  ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන කියා සිටියේ 15, 16,17 යන දින තුන තුළ උතුරු සහ නැගෙනහිර සෑම ග්‍රාමසේවා වසමකම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බවයි. 

දෙමළ සහ මුස්ලිම් ජනතාව සමග සිදුකරන සිය සංවාදවලදී ඔවුන් වෙත අවධාරණය කරන කරුණු පිළිබඳව ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මෙහිදී පැහැදිළි කළා. 

"දෙමළ කතෝලික ජනතාවට ආරක්ෂාවක් නැති වෙලා තියෙනවා. අනෙක් පැත්තෙන් මුස්ලිම් ජනතාවටත් ප්‍රශ්න.. නැගෙනහිර දෙමළ ජනතාවට යම් පීඩනයක් ඇති වෙලා තියෙනවා. මේ සියල්ලටම නායකත්වය දී විසඳුම් දෙන්න පුළුවන් නායකත්වයක් ගැන අපි ඒ අයට පැහැදිළි කරලා දෙනවා. ජාතිවාදයෙන් තොර ජාතික නායකත්වයක් කියන තේමාව තමයි අපි අරගෙන යන්නේ."

ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේ්ක්ෂකයා වන ගෝඨාභය රාජපක්ෂ ජයග‍්‍රහණය කිරීම සඳහා වන දේශපාලන මෙහෙයුම් රටපුරා සෙසු පළාත්වල ද මේ වනවිටත් ආරම්භ කර ඇතැයි මෙහිදී වැඩිදුරටත් සිහිපත් කෙරුණා.