Tuesday, April 23, 2024

General line - 0115112241

මහ රෑ වනතෙක් පැවැති සාකච්ඡාවේදී සජිත් පිල සහ එජාපෙ සුළු පක්ෂ නායකයින් අතර ඒකමතික එකඟතාවයක් - තවත් කරුණු රැසක් මාධ්‍යය හෙළි නොකරන්න තීරණයක්

ඩිල්ෂාන් මඩවල/දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සහ එක්සත් ජාතික පෙරමුණේ සෙසු පක්ෂ නායකයින් අතර ඊයේ (14) පැවැති සාකච්ඡාවේදී එළඹි එකඟතා මාධ්‍යයට හෙළි නොකිරීමට සාකච්ඡාවට සහභාගී වු පිරිස් තීරණය කර තිබෙනවා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දක්වන අමාත්‍ය මනෝ ගනේෂන් කියා සිටියේ "මංගල සමරවීර ඇමතිතුමාගේ කොළඹ පිහිටි නිවසේ ඊයේ මහ රෑ වෙනකම් සජිත් ප්‍රේමදාස ඇමතිතුමාගේ පාර්ශ්වය සමග එජාපෙ සෙසු පක්ෂ නායකවරුන්ගේ සාකච්ඡාව ඉතා සුහදව සිදු වුණා. එහිදී එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ප්‍රශ්නය අද පටන් ගන්න මේ සුමානෙට එහා ඇදගෙන යන්න කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ කියලා ඒකමතික තීරණයකට ආවා. ඒ වගේම තවත් විශේෂ තීරණ කිහිපයකට අපි ඇවිල්ලා තියෙනවා. නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ කතා නොකර සිටීමට අපි එකඟ වුණා. දෙපාර්ශ්යෙන්ම යෝජනා හුවමාරු වුණා. නමුත් ප්‍රසිද්ධියේ කතා කරන්න බෑ ඒවා. " යනුවෙනි.  

ඊයේ (14) රාති‍්‍රයේ පැවැති මෙම සාකච්ඡාවට අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස සමග මංගල සමරවීර, මලික් සමරවික‍්‍රම, කබීර් හෂීම් සහ එරාන් වික‍්‍රමරත්න යන අමාත්‍යවරුන් ද සහභාගී වී සිටියා.

පාඨලී චම්පික රණවක, පී. දිගම්බරම්, රවුෆ් හකීම් සහ රිෂාඞ් බදියුදීන් යන අමාත්‍යවරුන් සෙසු පක්ෂ නියෝජනය කරමින් ඊට එක්ව සිටි බවයි දේශපාලන ආරංචි පැවසුවේ.