Saturday, April 20, 2024

General line - 0115112241

දෙමටගොඩ පිපිරීමට හේතුව ගෑස් කාන්දුවක් බවට අනාවරණය වෙයි (UPDATE)

දිනුක් හේවාවිතාරණ




දෙමටගොඩ ප්‍රදේශයේ අද (15) උදෑසන සිදු වූ පිපිරීම ගෑස් සිලින්ඩරයක ගෑස් කාන්දුවක් හේතුවෙන් සිදු වූ පිපිරීමක් බවට මෙතෙක් සිදු කළ විමර්ශනවලින් පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

අද උදෑසන 8.45ට පමණ දෙමටගොඩ පොලිස් වසමේ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක් තුළ සිදු වූ මෙම පිපිරීමෙන් එහි සිටි කාන්තාවන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන ක්‍රියාත්මකයි.

---------------------------

දෙමටගොඩ පිපිරීම ගැන පොලිසියෙන් වාර්තාවක් (UPDATE)

(15-09-2019 10:10)

 

දෙමටගොඩ ප්‍රදේශයේ අද (15) උදෑසන සිදු වූ පිපිරීම සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ අදාළ පිපිරීම කුමක්ද යන්න මෙතෙක් නිශ්චිතව අනාවරණය වී නොමැති අතර දෙමටගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් ඇති බවයි.

අද උදෑසන 8.45ට පමණ දෙමටගොඩ පොලිස්වසමේ මහවිල පටුමග සමන්තවත්ත ප්‍රදේශයේ නිවසක මෙම පිපිරීම සිදුව තිබුණා.

පිපිරීමෙන් තුවාල ලබා ඇත්තේ කාන්තාවන් දෙදෙනෙකු බවත් පොලිසිය සඳහන් කරනවා. ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

-----------------------

දෙමටගොඩ නිවසක යම් පිපිරීමක් - දෙදෙනෙක් රෝහලට

(15-09-2019 09:41)

 

මීට සුළු මොහොතකට පෙර දෙමටගොඩ මහවිල මාවතේ නිවසක් තුළ යම් පිපිරීමක් සිදුව තිබෙන බව වාර්තා වුණා.

කොළඹ ගිනි නිවීමේ සේවා ඒකකය පැවසුවේ සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බවයි.

රෝහල් ගත කළ දෙදෙනා පිලිස්සීම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

දෙමටගොඩ පොලිසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ පිපිරීමට හේතුව සොයා විමර්ශන ක්‍රිියාත්මක බවයි.

අදාළ පිපිරීම ගෑස් සිලින්ඩරයක සිදුවුවාදැයි යන්නයි මේ වන විට සැක කෙරෙන්නේ.