Thursday, April 25, 2024

General line - 0115112241

එල්ල වූ ප්‍රහාරයෙන් පසු සෞදිය තෙල් සැපයුම අඩු කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




සෞදියේ ප‍්‍රධාන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ඉලක්ක කර එල්ල වුණු ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පසුව එරට ඉන්ධන සහ ගෑස් සැපයුම රජය විසින් කප්පාදු කර තිබෙනවා.

සෞදි බලශක්ති අමාත්‍යවරයා පැවසුවේ ප‍්‍රහාරවලින් පසු සෞදිය දිනකට වෙළඳපොළට මුදා හරින්නේ බොරතෙල් බැරල් මිලියන 5.7 ක් පමණක් බවයි. එය සෞදිය දිනකට වෙළඳපලට මුදා හරින බොරතෙල් ප‍්‍රමාණයෙන් අඩක් පමණ වනවා. 

මෙලෙස ප‍්‍රහාරයට ලක්වුණේ සෞදි රජයට අයත් සුප‍්‍රකට ඇරැම්කෝ සමාගමේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 ක්. ප‍්‍රහාරවල වගකීම යේමනයේ හුදී කැරලිකරුවන් විසින් භාර ගත්තා.