Friday, March 29, 2024

General line - 0115112241

ඇල්පිටියේ සුදුසුකම් ලැබූ මුළු ඡන්ද දායකයින් ගණන 53,384 ක්

ලලිත් චාමින්ද




ඇල්පිටිය ප‍්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී තැපල් ඡන්දය ප‍්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින්  1537 දෙනෙකුගෙන් ඉල්ලූම් පත් ලැබී තිබෙනවා. ගාල්ල දිස්ති‍්‍රක් නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් කේ. යූ. චන්ද්‍රලාල් පැවසුවේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම ඉකුත් 13 වැනිදායින් අවසන් වූ බවයි.

තැපැල් ඡන්ද විමසීම ලබන 27 වැනිදා සිදු කරන බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

ඇල්පිටිය ප‍්‍රාදේශීය සභාවේ ඡන්ද විමසීම සඳහා සුදුසුකම් ලබා සිටින මුළු ඡන්ද දායකයින්ගේ ගණන 53,384 දෙනෙක්. ඡන්ද විමසිම මධ්‍යස්ථාන 47කදී ලබන මස 11 වැනිදා සිදු කිරීමට නියමිතව තිබෙනවා.