Friday, April 26, 2024

General line - 0115112241

සාකච්ඡාව අතිසාර්ථකයි - සජිත් කියයි

ඩිල්ෂාන් මඩවල/දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂවල නායකයින් සමග ඊයේ (14) රාති‍්‍රයේ පැවැති සාකච්ඡාව සාර්ථක බව අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. කෙසේවෙතත් ජනාධිපති අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට සාකච්ඡාවට සහභාගී වූ පක්ෂ නායකයින් එකඟවූයේ දැයි මාධ්‍යවේදින් කළ විමසිමට අමාත්‍යවරයා ඍජු පිළිතුරක් ලබා දුන්නේ නැහැ.

ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් නම් කෙරුණහොත්, ප‍්‍රතිවාදී අපේක්ෂකයා සමග සාමකාමී තරගයකට එළඹෙන බවද අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙහිදී කියා සිටියා. 

මේ අතර අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද (15) දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා. ඊයේ සාකච්ඡාවේදී එළඹි එකගතා මෙම සාකච්ඡාව අවසන් වනතෙක් මාධ්‍යයට හෙළි නොකිරීමට එක්සත් ජාතික පෙරමුණේ සුළු පක්ෂ නායකයින් තීරණය කළ බවයි අමාත්‍ය මනෝ ගනේෂන් පැවසුවේ.

කෙසේවෙතත්, ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛව පිහිටුවන නව සන්ධානයේ කටයුතු මෙම සතිය තුළ අවසන් කෙරෙනු ඇතැයි ද ඔහු විශ්වාසය පළ කළා.