Saturday, April 20, 2024

General line - 0115112241

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කළ හැක්කේ අනුර කුමාරට පමණක් බව ටිල්වින් කියයි

ජූඩ් සමන්ත




මෙවර ජනාධිපතිවරණයේදී වෙනස් කළ යුත්තේ පුද්ගල චරිත නොව පවතින දේශපාලන සංස්කෘතිය බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහෙත්, ඒ සඳහා වූ හැකියාවක් දැනට නම් කර සිටින සෙසු ප‍්‍රතිවාදී අපේක්ෂකයන්ට නොමැති බවයි එහි ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පෙන්වා දෙන්නේ. 

පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට හැකි මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින එකම අපේක්ෂකයා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පමණක් බව ද මෙහිදි ප‍්‍රකාශ කෙරුණා. ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙම අදහස් පළ කළේ හලාවත ඊයේ (14) පස්වරුවේ පැවැති ජනහමුවකදීයි.