Saturday, April 20, 2024

General line - 0115112241

දිනේෂ් සහ SB එජාපයේ වත්මන් තත්ත්වය ගැන කියයි

දිල්ශාන් තුෂාර




එක්සත් ජාතික පක්ෂය දැන් කඩාවැටෙමින් තිබෙන්නේ යළි ගොඩනැගීමට ද නොහැකි ලෙස බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක පවසනවා. මන්තී‍්‍රවරයා ඒ බව පැවසුවේ නෙත් නිවුස් සමග විශේෂ සංවාදයකදීයි. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගතවීමට නම් පොහොට්ටුව වෙනුවට විකල්ප ඡන්ද ලකුණක් තෝරා ගත යුතු බවට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් වන යෝජනාව සම්බන්ධයෙන් ද එස්. බී. දිසානායක මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී ඡන්ද ලකුණ පිළිබඳ තර්ක මත පදනම්ව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීම ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ප‍්‍රතික්ෂේප කළහොත්, එහි බිම් මට්ටමේ බොහෝ දෙනා ස්වාධීනව පැමිණ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වනු ඇතැයි ද පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස්. බී. දිසානායක මෙම සංවාදයේදී කියා සිටියා. 
 

මේ අතර ආණ්ඩුව දැන් සිටින්නේ පරාජයට සූදානම් වෙමින් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන පවසනවා. එහෙත් බලය අතහැරීමේ බියකින් ද ආණ්ඩුව පසුවන බවයි මන්තී‍්‍රවරයා පවසන්නේ. 

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහ එහි ජනාධිපති අපේක්ෂකයා වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ඉදිරිපත් වන චෝදනා සම්බන්ධයෙන් ද දිනේෂ් ගුණවර්ධන මන්තී‍්‍රවරයා මෙහිදී ප‍්‍රතිචාර දැක්වුවා.

එහිදී කියා සිටියේ "ජනතාව බලන්නේ තමන්ට හා රටට ඇතිවන යහපත මිසක් එකිනෙකාගේ චෝදනා විවේචන නෙමෙයි. බණ්ඩාරකායක මැතිණිය, චන්ද්‍රිකා, මහින්ද රාජපක්ෂ ඡන්දෙ ඉල්ලන වෙලාවෙත් එක එක දේවල් කිව්වා. ඒත් අපි ජයග්‍රහණය කළා." යනුවෙනි. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර දිනේෂ් ගුණවර්ධන මෙම අදහස් පළ කළේ කොස්ගම ප‍්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට ප‍්‍රතිචාර දක්වමින්.