Friday, March 29, 2024

General line - 0115112241

වව්නියාවේ පාසල් සිසුවෙකු අතුරුදන්

දිනසේන රතුගමගේ - වවුනියාව




වව්නියාව, පුන්තෝට්ටම් ගාන්ධිනගර් ප්‍රදේශයේ පාසල් සිසුවෙකු දින කිහිපයක් තිස්සේ අතුරුදන්ව සිටිනවා. පුන්තෝට්ටම් විද්‍යාලයේ 09 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුයි මෙලෙස අතුරුදන්ව සිටින්නේ.

ඥාති නිවසකට යන බව පවසා ඔහු නිවසින් පිටව ගිය බව ද එහෙත්, යළි නොපැමිණි බව ද සිසුවාගේ පියා පොලීසියට කළ පැමිණිල්ලේ දැක්වෙනවා.