Friday, April 26, 2024

General line - 0115112241

වැසි සහිත ඇතිවිය හැකි ආපදා පිළිබඳ අනතුරු ඇගවීම් : හම්බන්තොට පහත් බිම් රැසක් ජලයෙන් යටවේ (PHOTOS)

සනත් ගමගේ




තද වැසි සමග ඇතිවිය හැකි ආපදා පිළිබඳ විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට උපදෙස් ලබා දෙනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කරන එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි. 

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයට ඊයේ (14) රාත්‍රියේ සිට පවතින  අධික වැසි හේතුවෙන් ප්‍රදේශ කිහිපයක මාර්ග සහ පහත්බිම් රැසක් ජලයෙන් යටවි ඇති බව හම්බන්තොට අපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.

තංගල්ල - හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ හුංගම බටඅත ප්‍රදේශයේ මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවීම හේතුවෙන් මාර්ගයේ රථ වාහන ගමනා ගමනයට බාධා එල්ලවී ඇත. එම ස්ථානයේ නිවාස කිහිපයක්ද ජලයෙන් යට වී ඇති බවයි අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ.

ඊට අමතරව හම්බන්තොට, වැලිගත්ත ප්‍රදේශයේ නිවාස කිහිපයක් වැසි ජලයෙන් යටවී ඇති අතර අම්බලන්තොට රිදියගම, බැරගම යන ප්‍රදේශවල වැසි ජලය එක් රැස්විම හේතුවෙන්  පහත් බිම් යටවී ඇත.

පවතින වැසි හේතුවෙන් කුඹුරුවල පැසුනු ගොයම් කපා ගැනීමට ගොවීන්ට හැකියාවක් වී නොමැතිව ඇති බව සඳහන්.