Thursday, March 28, 2024

General line - 0115112241

වටවලදී අධික වේගයෙන් ධාවනය වූ මොටර් රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

රංජිත් රාජපක්ෂ




හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල රොසැල්ල ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට ධාවනය වී අඩි 100ක ප්‍රපාතයකට පෙරළී තිබෙනවා. මෝටර් රථයේ ගමන් ගත් තරුණයෙකු බරපතළ තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මෝටර් රථය රොසැල්ල දුම්රිය ස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ගයට ඉහළින් පිහිටි ගසක සිරවී තිබු බවද නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළා. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තරුණයින් තිදෙනෙකු  ගමන් කරමින් සිටියා.