Friday, April 26, 2024

General line - 0115112241

දිවයින වටා මුහුදු ප්‍රදේශ ගැන අනතුරු ඇගවීමක්




බේරුවල සිට ගාල්ල සහ මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සම්බන්ධයෙන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇගවීමක් නිකුත් කර තිබෙනවා. ඒ, එම මුහුදු ප්‍රදේශවලට තද වැසි සහ පැයට කිලෝ මීටර් 80ක තද සුළං ඇති විය හැකි බව පවසමින්.

එබැවින් ධීවර සහ නාවික ප්‍රජාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතු බවටයි කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවන්නේ. දිවයිනට නිරිත සහ දකුණු දෙසින් වන මුහුදු ප්‍රදේශවල පවතින ක්‍රියාකාරී කාළගුණ පද්ධතිය හේතුවෙන් මෙම අහයපත් කාළගුණික තත්ත්වයට හේතුව බවද ප්‍රකාශ කෙරුණා. 

මේ අතර තද වැසි සමග ඇතිවිය හැකි ආපදා පිළිබඳ විමසිල්ලෙන් සිටින්නැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවට උපදෙස් ලබා දෙනවා. මේ, ඒ පිළිබඳ වැඩිදුරටත් පැහැදිළි කරන එහි නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි. 

මේ අතර දිවයින ආශ්‍රීතව දැනට පවතින වැසි තත්ත්වය ඉදිරිදින  කිහිපයේදීද තවදුරටත් පවතිනු ඇති බවයි කළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටියේ. බස්නාහිර, සබරගමුව, දකුණ සහ වයඹ යන පළාත් වලට මිලි මීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.