Tuesday, March 19, 2024

General line - 0115112241

ඇල්පිටිය ඡන්දය කල් දැමීමේ සුදානමක් ගැන පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

සිතාරා අතුකෝරල




ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය කල් දැමීමට ආණ්ඩුව සුදානම්වන බවට  පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන පවසනවා. ඒ, අද (15) පෙරවරුවේ විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

වත්මන් යහපාලන රජයට වඩා අධ්‍යාපනය දියුණු කළ හැකි අයෙක් වේ නම් විවාදයකට පැමිණෙන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කළ විවෘත අභියෝගය භාර ගන්නා බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා.

මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර ජයකොඩි කියා සිටියේ, ආබාධිත රණවිරුවන්ගේ ගැටලුවලට විසදුම් ලබාදෙන ලෙස සජිත් ප්‍රේමදාස ඇතුලු එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමතිවරුන්ට අභියෝග කරන බවයි.