Friday, March 29, 2024

General line - 0115112241

නිදහස් පක්ෂයේ ඉල්ලීම කාලෝචිත නැහැ : මුසම්මිල් කියයි

ලහිරු කපුගේ




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගත වීමේදී පක්ෂයක ලකුණක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ගැටළුවක් කර ගැනීම අනුමත කළ නොහැකි බව ජාතික නිදහස් පෙරමුණ පවසනවා. මේ එහි මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්.

" ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මැතිවරණ ලකුණ වෙනස් කිරීම කිසිසේත්ම කාලෝචිත නැහැ. සමහර විට එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක ගැටලුව විසදෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ඉල්ලීම කලාද කියලා අපිට හිතෙනවා" ඔහු සඳහන් කර සිටියා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායකට මෙහිදී ප්‍රශ්න කිහිපයක් යොමු කළා.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල් මෙම අදහස් පල කළේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.