Tuesday, March 19, 2024

General line - 0115112241

අධිවේගී මාර්ගයේදී වාහන 06ක් එකිනෙක ගැටෙයි

ලහිරු කපුගේ




දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිටවීමේ දොරටුව ආසන්නයේදී වාහන 06ක් එකිනෙක ගැටී අද පස්වරුවේ අනතුරක් සිදු වුණා. පොලිසිය පැවසුවේ පැවති වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සන සුළු ස්භාවය අනතුරට හේතු වී ඇති බවයි.

අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් හෝමාගම රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කෙරුණා. අනතුරත් සමග අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හට ගත් නමුත් පසුව පොලිසිය මැදිහත් වී රථවාහන යථාතත්ත්වයට පත්කළා. 

මේ අතර අධික වර්ෂාව පවතින අවස්ථාවේදී අධිවේගී  මාර්ග වල රථවාහන වේගය පැයට කිලෝ මීටර් 60කට සීමා කරන ලෙසයි මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ට දැනුම් දෙන්නේ.