Wednesday, April 24, 2024

General line - 0115112241

බොරතෙල් බැරලයක මිල ලොව වැඩිම අගයට පැමිණේ

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල, ලොව වැඩිම අගයට පැමිණ තිබෙනවා.

විදෙස් වාර්තා පැවසුවේ මාස 04කට පමණ පසුව තෙල් මිල වැඩිම අගයකින් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය බවයි. ඒ අනුව බි‍්‍රතාන්‍යයේ වෙළඳපලේ බොරතෙල් බැරලයක මිල සියයට 19කින් ඉහළගොස් තිබෙනවා. එම වෙළඳපලේ බොරතෙල් බැරලයක නව මිල වන්නේ අමෙරිකානු ඩොලර් 71.95 ක්.

අමෙරිකානු වෙළඳපළේ බොරතෙල් බැරලයක මිල ඉහළ ගොස් ඇත්තේ සියයට 15කින්. ඒ අනුව අමෙරිකානු වෙළඳපළේ බොරතෙල් බැරලයක් අලෙවි වන්නේ අමෙරිකානු ඩොලර් 63.34 ක මිලකටයි.  

ලෝක වෙළඳපලේ බොරතෙල් මිල මෙලෙස වාර්තාගත ලෙස ඉහල ගියේ සෞදියේ ප‍්‍රධාන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ඉලක්ක කර එල්ල වුණු ඩ්‍රෝන ප‍්‍රහාරයෙන් පසුවයි. ප‍්‍රහාරයෙන් අනතුරුව සෞදිය ලෝක වෙළඳපලට සිදු කරන දෛනික ඉන්ධන සහ ගෑස් සැපයුම හරි අඩකින් කප්පාදු කළා. 

මෙලෙස ප‍්‍රහාරයට ලක්වුණේ සෞදි රජයට අයත් සුප‍්‍රකට ඇරැම්කෝ සමාගමේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 ක්. ප‍්‍රහාරවල වගකීම යේමනයේ හුදී කැරලිකරුවන් විසින් භාර ගත්තා. හුදී කැරලිකරුවන්ට සහය ලබා දෙන බවට අමෙරිකාව, චෝදනා කරන්නේ ඉරානයටයි.