Friday, March 29, 2024

General line - 0115112241

සිය හදිසි ඉන්ධන සංචිත මුදා හැරීමට අමෙරිකාව තීරණය කරයි

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝක වෙළඳපොළට ඉන්ධන සැපයීම ස්ථාවරව පවත්වා ගැනීම සඳහා සිය හදිසි ඉන්ධන සංචිත මුදා හැරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් නියෝග ලබා දී තිබෙනවා.

ඒ අනුව සිය ඉන්ධන තොග සඳහා ලෝක වෙළඳපලේ වැඩි අවස්ථාවක් හිමිකර ගැනීමට අමෙරිකාවට අවස්ථාව හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 

මේ අතර සෞදි අරාබියේ ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ඉලක්ක කර එල්ල වූ ප‍්‍රහාරයට වගකිව යුත්තේ කවුරුන්ද යන්න පැවසීමට තමන් සතුව සාක්ෂි ඇති මුත් සත්‍ය තහවුරු වන තුරු ඒම සාක්ෂි සුරක්ෂිතව තබා ගන්නා බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට‍්‍රම්ප් පවසනවා.

එසේම අදාළ ප‍්‍රහාර සම්බන්ධයෙන් වගකිව යුත්තේ කුමන පාර්ශ්වයක් ද යන්න සම්බන්ධයෙන් සෞදිය ද ප‍්‍රකාශ කරනතුරු බලාසිටින බවයි ජනාධිපති ට‍්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ. 

ප‍්‍රහාරයේ වගකීම යේමනයේ කි‍්‍රයාත්මක හුදී කැරලිකරුවන් විසින් භාර ගැනුණද, අමෙරිකාව ඒ සඳහා චෝදනා කරන්නේ ඉරානයටයි. ප‍්‍රහාරයන් පසු ලෝක වෙළඳපලේ බොරතෙල් මිල වාර්තාගත ලෙස ඉහළ ගියා.