Thursday, March 28, 2024

General line - 0115112241

IS නායකයාගෙන් හඬ පටයක්

දිනුක් හේවාවිතාරණ




ඉස්ලාමිය රාජ්‍ය හෙවත් ISIS සංවිධානයේ මෙහෙයුම් තවමත් අවසන් වි නොමැති බවත් එය තවදුරටත් පෙරමුණු කිහිපයකින් ක්‍රියාත්මක වෙමින් පවතින බව එම සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ප්‍රකාශ කර සිටිනවා.

ඉකුත් අප්‍රේල් මාසයේදී මිනිත්තු 18ක විඩියෝවක් මගින් සිය අනුගාමිකයින් ඇමතු IS නායකයා ඉන් මාස පහකට පසුව අද (16) දින යළි හඬ පටයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කර සිටියා.

ඉස්ලාමිය රාජ්‍ය හෙවත් IS සංවිධානයට අයත් අල්-ෆුර්කාන් මාධ්‍ය ජාලය හරහා අබු බකර් අල්-බග්ඩාඩි විසින් අද නිකුත් කරනු ලැබු හඬ පටයේ කාලය මිනිත්තු 30ක් විය.

"ඉස්ලාමිය පුරෝගාමින් ලෙස යහපත් ලෙස කටයුතු කරන්න... එහි ප්‍රතිපලය අල්ලාගේ අතේ ඇත්තේ. ජයග්‍රහණය හෝ පරාජයේදී ඔබ ඔහුගේ ස්ථානයේ සිටිනු ඇති.." සිදු කරමින් සිටින මෙහෙයුම් තවදුරටත් ඉදිරියට කරගෙන යන මෙන් ඔහු සිය IS අනුගාමිකයින්ට මේ ආකාරයෙන් සදහන් කරමින් ඉල්ලා ඇත.

එමෙන්ම සිරියාවේදි සහ ඉරාකයේදි අත් අඩංගුවට ගෙන රදවා ගෙන සිටින IS සංවිධානයට අයත් කාන්තාවන් සහ ළමුන් නිදහස් කර ගැනිමට ගත හැකි උපරිම ක්‍රියා මාර්ග ගන්නා ලෙසද අබු බකර් අල්-බග්ඩාඩි සිය හඬ පටය මගින් අවධාරණය කර සිටියි.

IS සංවිධානයේ බලය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින සිරියාවේ සහ ඉරාකයට අමතරව මේ වන විට තම සංවිධානය ඇෆ්ගනිස්ථානයේ ඇතුළු රටවල් කිහිපයක මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති බවට ඔහු මෙහිදි සදහන් කර ඇත.