Thursday, April 25, 2024

General line - 0115112241

අද පැවැත්වෙන කැබිනට් රැස්වීම ගැන පාර්ශ්ව කිහිපයක් අවධානයෙන්

දිල්ශාන් තුෂාර




අද (17) පැවැත්වීමට නියමිත කැබිනට් රැස්වීම සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයක් දැඩි අවධානයකින් පසු වනවා.

රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන වැටුප් විෂමතා නිවැරිදි කිරීමට මෙහිදී තීරණ ගතයුතු බවයි ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය පවසන්නේ. මෙම ඉල්ලීම ඉටු කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකා පරිපාලන සේවා සංගමය ඉකුත්දා දින දෙකක වැඩවර්ජනයක් ද කැඳවා තිබුණා. අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදීත් ඊට යහපත් ප‍්‍රතිචාරයක් නොලැබුනහොත් ඉදිරියේදී යළිත් වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ගවලට එළඹීමට සිදුවනු ඇතැයිද ඔවුන් පවසනවා. එහි සභාපති ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මේ බව පෙන්වා දෙනවා.

රාජ්‍ය සේවයේ ඇති වී තිබෙන වැටුප් විෂමතා නිවැරිදි කිරීමට අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණ ගතයුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද අවධාරණය කරනවා. එසේ නොවුනහොත් හෙට සිට රට පුරා රෝහල්වල වෘත්තීය සමිති අරගලයක් ආරම්භ කරන බවයි ඔවුන් පැවසුවේ. එම සංගමයේ ලේකම්, වෛද්‍ය හරිත අලූත්ගේ මේ බව සඳහන් කරනවා.

අද පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී සිය ඉල්ලීම්වලට ද ස්ථිර විසඳුමක් ලැබෙනු ඇතැයි රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගය පවසනවා. එහි සභාපති යූ.ඩී. වසන්ත මේ බව පෙන්වා දුන්නා. 

දිවිඇති තෙක් සිය රණවිරු වැටුප ලබාදෙන ලෙස ඉල්ලමින් ආබාධිත රණවිරුවන් පිරිසක් කොළඹ කොටුවේ ආරම්භ කෙරුණු සත්‍යග‍්‍රහයට අදට දින 07 ක් සම්පූර්ණ වනවා. 

මේ අතර සමස්ත ලංකා දිවිපිදූ ආබාධිත රණවිරු වෘත්තීය සමිතියේ සභාපති අනුර වැලිගමගේ පැවසුවේ අද පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී සිය ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණහොත් විධායක කමිටුව කැඳවා ඉදිර කි‍්‍රයාමාර්ග පිළිබඳ තීරණයක් ගන්නා බවයි. 

කැබිනට් රැස්වීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.