Thursday, April 25, 2024

General line - 0115112241

සෞදියේ බොරතෙල් ආරක්ෂා කිරීමට පුටින් පෙරට

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඩ්‍රෝන ප්‍රහාරයන්ගෙන් සිය ඛණිජතෙල් සම්පත ආරක්ෂා කරගැනීමට අවශ්‍ය නම්, සෞදි අරාබිය කළ යුත්තේ සිය රටෙන් ගුවන් ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීම බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසනවා. ඉරානය සහ තුර්කියද ආරක්ෂාව ලබා ගෙන ඇත්තේ සිය රට සතු එස් 300 සහ එස් 400 වර්ගයේ ප්‍රබල ගුවන් ආරක්ෂණ පද්ධති මිලදී ගෙන බවයි ජනාධිපති පුටින් වැඩිදුරටත් පැවසුවේ.

එම වර්ගයේ ගුවන් ආරක්ෂණ පද්ධතියක් සෞදියත් මිලදී ගන්නේ නම්, ඒවා සෞදිය සතු ඕනෑම යටිතල ව්‍යූවහයක්, ඕනෑම ආකාරක ප්‍රහාරයකින් ආරක්ෂා කරනු ඇති බව ද රුසියානු ජනාධිපතිවරයා අවධාරණය කළා.

කෙසේවෙතත් රුසියාවෙන් ගුවන් ආරක්ෂණ පද්ධතියක් මිලදී ගැනීමට තීරණය කිරීමත් සමග තුර්කිය සහ අමෙරිකාව අතර දැඩි මතභේදාත්මක තත්ත්වයක් හටගත්තා. ඊට හේතුවුණේ තුර්කිය, රුසියාව සමග සිදුකරන ගනුදෙනු සම්බන්ධයෙන් අමෙරිකාව දැඩි විරෝධය පළ කිරීමයි.

සවුදිය යනු අමෙරිකාවේ සමීප රාජ්‍යයක් වන අතර රුසියානු ජනාධිපතිවරයා සවුදියට කළ යෝජනාව සම්බන්යෙන් අමෙරිකාව මෙතෙක් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ. 

සවුදියේ ප්‍රධාන ඉන්ධන පිරිපහදු මධ්‍යස්ථාන 02 ක් ඉලක්ක කර පසුගියදා ඩ්‍රෝන ප්‍රහාර 10 ක් එල්ල කෙරුණා. එහි ප්‍රතිපලයක් ලෙස මේවනවිට ලෝක වෙළඳපලේ ඉන්ධන මිලගණන් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබෙනවා.