Tuesday, April 23, 2024

General line - 0115112241

ජනාධිපතිවරණය කල්දමන අගමැතිගේ තුරුම්පුවක් වාසු හෙළි කරයි




ජනාධිපතිවරණය කල් දැමීමට හෝ මගහැරීමට සිය අවසන් තුරුම්පුව භාවිත කිරීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

මෙහිදී අදහස් පළකර සිටින මන්ත්‍රිවරයා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා මේ සතියේදී ජනාධිපතිධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් කැබිනට් පත්‍රිකාවක් යොමු කරන්න හදනවා කියලා ආරංචි. එහිදී මේ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියට ගිහිල්ලා ජනාධිපතිවරණය කල් දමන්න හැකියාවක් ඇත්ද කියලා බලන අන්තිම තුරුම්පුවයි මේක. අපේ කඳවුරේ නියත ජයග්‍රහණය ඉදිරියේ කර කියා ගන්න දෙයක් නැතුව සිටින අගමැතිවරයා මේ ආකාරයට හෝ ජනාධිපතිවරණය කල් දමා ගැනීමට සුදානම් වෙමින් සිටිනවා.