Wednesday, April 24, 2024

General line - 0115112241

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට




කලුගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමකට පැමිණ ඇතිබව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ, එහි ජලවිද්‍යා අංශයේ අධ්‍යක්‍ෂ මාලා අලවතුගොඩ.

මේ අතර ඉහළ කොත්මලේ ජලාශාය් වාන් දොරටුවක් අද (17) පෙරවරුවේ ස්වයංක්‍රීයව විවෘත වී තිබෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ඊයේ සිට අධික වර්ෂාවක් ඇද හැලීමත් සමග කොත්මලේ ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බවයි ජලාශය භාර ඉංජිනේරුවන් කියා සිටියේ. කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම ද පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. 

මේ අතර දිවයිනේ ප්‍රදේශ රැසකට ඉදිරි දින කිහිපයේද වැසි අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ. මේ, එහි අනාවැකිකරණ අංශයේ අධ්‍යක්‍ෂ අනූෂා වර්ණසූරිය.