Saturday, April 20, 2024

General line - 0115112241

ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරයා ඉලක්ක කර ගනිමින් බෝම්බ ප්‍රහාරයක් 

දිනුක් හේවාවිතාරණ




ඇෆ්ගනිස්ථානයේ පර්වාන් ප්‍රාන්තයේ පැවති ජනාධිපතිවරණ ප්‍රචාරක රැළියක් ආසන්නයේ දී මිට සුළු මොහොතකට පෙර බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා. එම බෝම්බය පුපුරා ගිය අවස්ථාවේදී එම ප්‍රචාරක රැළිය සඳහා සහභාගිවීමට පැමිණි ඇෆ්ගන් ජනාධිපති අෂ්රාෆ් ගහානී ද සිට ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් බෝම්බ ප්‍රහාරයෙන් ජනාධිපතිවරයාට කිසිදු හානියක් සිදුවී නොමැති බවද ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනය කර සිටිනවා. මෙම බෝම්බ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 14 දෙනෙක් මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

මෙම මාසය අවසානයේදී ඇෆ්ගනිස්ථාන ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව ඇත. මෙම බෝම්බ ප්‍රහාරයේ වගකීම මේ දක්වා කිසිදු කණ්ඩායමක් භාර ගෙන නොමැත.

මේ අතර ඊයේ දිනයේදී හඬ පටයක් නිකුත් කරමින් ISIS සංවිධානයේ නායක අබු බකර් අල්-බග්ඩාඩි ප්‍රකාශ කර සිටියේ සිය සංවිධානය මේ වන විට ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුම් සිදුකරමින් සිටින බවයි.