Friday, April 19, 2024

General line - 0115112241

ජනාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

අධිකරණ වාර්තාකරු




ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව ගැසට් පත්‍රයක් මගින් ආරක්ෂක අමාත්‍යාංශය වෙත පවරා ගැනීම අභියෝගයට ලක්කරමින් පූජ්‍ය දඹර අමිල හිමියන් සහ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර විසින් අද (17) ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනූව ජනාධිපතිවරයාට මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය පමණක් බව පෙත්සම්කරුවන්  පවසා සිටියි.

එබැවින් රූපවාහිනී සංස්ථාව පවරා ගැනීම තුළින් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවට ප්‍රකාශනයක් නිකුත් කරන ලෙසට පෙත්සම්කරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියි