Friday, March 29, 2024

General line - 0115112241

කොළඹ පොත් ප්‍රදර්ශනය පවත්වන අරමුණ සංවිධායකයින් පැහැදිළි කරයි



ශ‍්‍රී ලංකාවේ ජනතාව පොත් කියවීමෙන් ඈත්වන තත්ත්වයක් පෙනෙන්නට ඇතැයි ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමය පවසනවා. එහි සභාපති විජිත යාපා කියා සිටියේ සාහිත්‍යයට ඇළුම් කරන පිරිසක් තවමත් සිටින බැවින් ඔවුන් වෙනුවෙන් කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණය සංවිධාන කරන බවයි.

ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. 

මෙම වැඩසටහනට ශී‍්‍ර ලංකා පොත් ප‍්‍රකාශකයින්ගේ සංගමයේ ලේකම් සමන්ත ඉන්දීවරද එක්වුණා.  

මෙවරද සංවිධාන කරන කොළඹ ජාත්‍යන්තර පොත් ප‍්‍රදර්ශණයේ නිළ රේඩියෝව නෙත් එෆ්. එම්. රේඩියෝවයි.

ඊයේ (17) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් කණපිට මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් ශ‍්‍රවණය කළ හැකියි.