Saturday, April 20, 2024

General line - 0115112241

සැකයක් නිසා ආබාධිත රණවිරුවන් තවදුරටත් සත්‍යග්‍රහයේ නිරත වේ

තරංග රුක්ෂාන්/ලහිරු කපුගේ




අබාධිත රණවිරුවන් තවමත් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරතවනවා. ඒ, මිය ගිය සහ අබාධිත රණවිරුවන් වෙනුවෙන් දිවි ඇති තෙක් වැටුප් හිමිකම ඉල්ලමින්.

රණවිරුවන්ගේ ගැටළුව විසදීම සඳහා මෙතෙක් ස්ථිර කි‍්‍රයාමාර්ගයක් ගෙන නොමැති බවටයි රණවිරු වෘත්තීය සමිති පවසන්නේ.

එහෙත් අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස කැබිනට් හමුවෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ "ඒ අයට විසඳුමක් ලබා දීම ගැන.. ජනාධිපතිතුමා කැබිනට් පත්‍රිකාවක් දැම්මා. ඒක අනුමත වුණා. ඒ කටයුතු සිදු වෙන්න එච්චර කල් යන එකක් නෑ" යනුවෙනි.

ඒ අනුව ගැටළුවට විසදුමක් ලැබී තිබියදීත් තවදුරටත් සත්‍යග‍්‍රහයේ නිරතවන්නේ මන්දැයි රණවිරු අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිතිවලින් නෙත් නිවුස් විමසීමක් කළා.

රණවිරු අයිතිවාසිකම් සුරකිමේ ජාතික බලවේගයේ සභාපති කෝප‍්‍රල් යූ. ඩී. වසන්ත කියා සිටියේ "සජිත් ප්‍රේමදාස මහතා ඊළඟ ජනාධිපතිවරණ පොරොන්දුවටක මේ ප්‍රශ්නය ගෙන යෑමේ යම් උත්සහයක් පිළිබඳව අපිට සැකයක් තියෙනවා. කරුණාකරලා.. රණවිරුවන්ගේ ගැටලු දේශපාලන පොරොන්දු කරගන්න එපා. අපිට අවංකව සහ සදාචාරාත්මකව මේ ප්‍රශ්නයට පිළිතුරක් දෙන්න. අපි කියන්නේ අදාළ කැබිනට් අනුමැතිය ලබාදීලා..ඊට අදාළ චක්‍රලේකයන් පළ කරලා මූලික කටයුතු සූදානම් කරන්න කියලයි." යනුවෙනි.

ආබාධිත රණවිරුවන් ඊයේ (17) රාත්‍රියේ කොළඹදී විරෝධතා පාගමනකද නිරත වූණා. පසුව පොලිසිය මැදිහත් වීමෙන් ඔවුන් විසුරුවා හැරුණා.