Saturday, April 20, 2024

General line - 0115112241

ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් අද තරග බිමට

කසුන් කැලුම්




ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයින් අද (18) සිට තරග බිමට පිවිසෙනවා. කිලෝග්‍රෑම් 49 බර පංතියෙන් හංසනී ගෝමස් අද තරග බිමට පිවිසෙන අතර චතුරංග ලක්මාල් ජයසූරිය තරග වදින්නේ කිලෝග්‍රෑම් 61 බර පංතියෙන්. කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් ඉසුරු කුමාර අද තරග බිමට පිවිසෙනවා. 

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසයි. රටවල් 124ක් නියෝජනය කරමින් බර ඉසිලීමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් ඊට එක්වනවා. 

මෙවර ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය පැවැත්වෙන්නේ තායිලන්තයේ පතායා නුවරදීයි. මෙවර තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 8 දෙනෙකු එක්වනවා. ඒ, අතරට ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකුද අයත්. ශ‍්‍රී ලංකා ක‍්‍රීඩිකාවන් දෙදෙනෙකු ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය නියෝජනය කරන පළමු අවස්ථාවද මෙයයි.

ශ‍්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් හෙට (19) සහ ලබන 21 වැනිදාද ලෝක ශූරතා බර ඉසිලීමේ තරගාවලිය යටතේ තරග වැදීමට නියමිතයි. බර ඉසිලීමෙන් නමක් දීනූ චින්තන ගීතාල් විදානගේ හෙට දිනයේද සුදේශ් පීරිස් ලබන 21 වැනිදාද තරග බිමට පිවිසෙනවා.