Wednesday, April 24, 2024

General line - 0115112241

වසර 10ක් උත්සහ කර පියා වෙනුවෙන් කෘත්‍රිම අතක් නිපද වූ පුතෙක් (PHOTOS)

දිනසේන රතුගමගේ




වසර දහයකට පෙර පියාට සිදු වූ අනතුරකින් තුවාල වූ අත නිසා කෘත්‍රිම අතක් නිපදවීමට උත්සහ කළ මුලතිව් මල්ලාවී ප්‍රදේශයේ තරුණයෙකු එම උත්සහය සාර්ථක කරගෙන තිබෙනවා.

ඔහු මෙම උත්සහය ගෙන තිබුණේ විවිධ සිදුවීම් නිසා අත් අහිමි වූ සියලු දෙනා ද වෙනුවෙනි.

එස්.දුෂ්‍යන්තන් නැමති මෙම තරුණයා විශ්ව විද්‍යාල සිසුවෙකි.

ඔහුගේ පියා කනපතිපිල්ලේ පද්මනාදන් නැමත්තෙක්.

කෘත්‍රිම අතක් සවි කිරීමට යාමේදී ඒ සඳහා විශාල මුදලක් අවශ්‍ය වන නිසා කෘත්‍රිම අතක් නිපදවීමට එස්.දුෂ්‍යන්තන් තුළ තිබුණේ දැඩි අධිෂ්ඨානයකි.

ඒ අනුව මේ වන විට පවුලේ උදවියද පුදුම කරමින් මෙම තරුණයා දීර්ඝ අධ්‍යනයකින් පසු  සිය උත්සහය සාර්ථක කරගෙන අතක් අහිමි වූ පුද්ගලයෙකු සොයාගෙන එහි පරීක්ෂණ සිදු කර තිබුණා. අදාළ පරීක්ෂණ සාර්ථක බවයි වාර්තා වුණේ.