Thursday, April 18, 2024

General line - 0115112241

මිලියන 80ක් ජනතාව මරණයට පත්කල හැකි වෛරසයක් ගැන අනතුරු ඇඟවිමක්

දිනුක් හේවාවිතාරණ




ලෝකයේ මිලියන 80ක ජනතාවක් පැය 36ක් තුල මරණයට පත් කළ හැකි උණ වසංගතයක් යළි පැතිරිමේ අවධානමක් ඇති බව වෛද්‍ය විශේෂඥයින් පිරිසක් අනතුරු අඟවනු ලබනවා.

"ස්පැනිෂ් ෆ්ලු" නමින් හැදින්වෙන මෙම වෛරසය මිට ශතවර්ෂයකට පෙර ලොව ජනගහණයෙන් තුනෙන් එකකට ආසාධනය වු අතර ඒ හේතුවෙන් මිලියන 50ක් මරුමුවට පත්විය.

වර්ථමානයේ මෙම වෛරසය යලි පැතිරිමේ අවධානමක් ඇතිවුව හොත් එහි ප්‍රථිපලය භයානක වනු ඇති බවයි වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවමින් ප්‍රකාශ කර සිටින්නේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හිටපු ප්‍රධානියෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥයින් පිරිසක් වන "ගෝලීය සුදානම අධීක්ෂණ මණ්ඩලය" විසින් ලෝක නායකයින්ව දැනුවත් කිරිම සදහා වන විශේෂ වාර්තාවක් ලබා දෙමින් මේ බව සදහන් කර ඇත.

ඉතා වේගයෙන් පැතිරිමේ අවධානමක් ඇති මෙම "ස්පැනිෂ් ෆ්ලු" වෛරසය මගින් ලොවපුරා මිලියන ගණනක් මිනිසුන් මරණයට පත් කිරිමට, ආර්ථිකයන් කඩාකප්පල් වීමට සහ ජාතික ආරක්ෂාවන් කෙටි කාල සිමාවකින් අස්ථාවර කළ හැකි බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

මේ වන විට ලෝකය පුරා පැතිරෙමින් පවතින ඉබෝලා වසංගතය වැනි රෝග පාලනය සදහා ගෙන ඇති ක්‍රියා මාර්ග මේවැනි වසංගතයක් නතර කිරිමට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවද එම වාර්තාවෙන් අවධාරණය කර ඇත.

මෙම වසංගතය සම්බන්ධයෙන් මිට පෙර සිදුකල අනතුරු ඇගවිම් සම්බන්ධයෙන් ලෝක නායකයින් ගණනකට නොගත් බවයි මෙම විශේෂඥයින් සදහන් කරන්නේ.

හිටපු නෝර්වීජියානු අගමැති සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Bro Harlem Brundtland සහ ජාත්‍යන්තර රතු කුරුස හා රතු ක්‍රෙසන්ට් සංගම්වල මහලේකම් Alhadj As Sy ඇතුළු විශේෂඥයින් පිරිසක් මෙම වාර්තාව සකස් කර ඇත.