Friday, March 29, 2024

General line - 0115112241

බුදු මැදුරක් පිටුපස ගිනිඅවියක් සොයා ගනී - පොලිස් සැකය 15වැනිදා සිද්ධිය වෙත (PHOTOS)




බුදු මැදුරක් පිටුපස තිබී විදේශ රටක නිෂ්පාදිත 9MM වර්ගයේ පිස්තෝලයක් සහ හිස් පතරොම් ගැබක්  සොයාගෙන තිබෙනවා.

ඊයේ (17) දහවල් නවගමුව දැඩිගමුව ප්‍රදේශයේ දී රාජගිරිය විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට ලද තොරතුරක් මත දැඩිගමුව ජයමාවත සමගි මාවතේ බුදු මැදුරක් පිටුපස තිබී මෙය සොයා ගැනුණා.

මෙම අවිය ඉකුත් 15 වැනිදා හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම හන්දියේදී වෙඩි තබා මනූෂ්‍ය ඝාතනයක් සිදු කර තවත් දෙදෙනෙකුට තුවාල කිරීමේ අපරාධය සඳහා යොදා ගත් ගිනි අවිය බවට සැක කරනු ලබන අතර වැඩිදුර පරීක්ෂණ සඳහා මෙම අවිය නවගමුව පොලිසිය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අදාළ ගිනිඅවියේ සහ හිස් පතරොම් ගැබේ ඡායාරූප පහතින් දැකිවෙයි.