Thursday, April 25, 2024

General line - 0115112241

ඔත්තුවක් මත පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයා ගනී (PHOTOS)

වසන්ත චන්ද්‍රපාල




රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අම්පාර පොලිස් කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් T56 ගිනිඅවියක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයාගෙන තිබෙනවා.

එම භාණ්ඩ අක්කරපත්තුව පාලමුනේ ප්‍රදේශයේ ඔළුවිල් වරායට යන මාර්ගය අසළ ඉඩමක වලදමා තිබියදී මෙසේ සොයාගෙන තිබුණා.

මෙලෙස සොයාගත් භාණ්ඩ වන්නේ, T56 අවි 01ක්. එම සජීවි පතරොම් 30ක්, එම මැගසින් 01ක්, ඩෙටනේටර් 07ක්, ජෙලට්නයිට් කූරු 04ක්, වයර්, ඇමෝනියා, යූරියා ඇතුළු තවත් භාණ්ඩ කිහිපයකි.