Friday, March 29, 2024

General line - 0115112241

ජනාධිපතිවරණයට දින නියම කෙරේ 

දිනුක් හේවාවිතාරණ




ඉදිරි ජනාධිපතිවරණය නොවැම්බර් මස 16 වෙනිදා පැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇති බව එහි සභාපති මහින්ද දේශප්‍රිය nethnews.lk වෙත ප්‍රකාශ කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරණය සඳහා වන නාම යෝජනා කැඳවීම ඔක්තෝම්බර් 07 වෙනිදා සිදු කිරීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කර සිටියේ.

ජනධිපතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම හෙට (19) සිට ආරම්භ වන අතර ඔක්තෝම්බර් 6 වැනිදා දහවල් 12 දක්වා ඒ සඳහා අවස්ථාව හිමි බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ අතර ජනාධිපතිවරණය කැඳවීම සම්බන්ධයෙන් වන අති විශේෂ ගැසට් නිවේදනය පළ කිරීම සඳහා එය මේ වන විට රජයේ මුද්‍රණාලය වෙත මැතිවරණ කොමිසම විසින් යවා ඇති බවයි එහි ප්‍රකාශකයෙක් සඳහන් කලේ.