Friday, April 19, 2024

General line - 0115112241

ලෝක කුසලාන රග්බි තරගාවලිය ඇරඹේ

කසුන් කැලුම්




09 වන ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී අද (20) ආරම්භ වනවා. ආසියානු රටක් රග්බි ලෝක කුසලාන තරගාවලියක් සඳහා සත්කාරකත්වය දරණ පළමු අවස්ථාව ද මෙයයි.

මෙවර තරගාවලියට කාණ්ඩ 04 ක් යටතේ තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 16 ක්. දින 43ක් පුරා ජපානයේ කී‍්‍රඩාංගන 12 ක මෙවර තරගාවලිය පැවැත්වෙනවා. ආසියාව නියෝජනය කරමින් මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලයට එක්වන එකම රට වන්නේ ද ජපානයයි. වැඩිම අවස්ථා ගනණකදී රග්බි ලෝක කුසලානය දිනා ඇත්තේ නවසීලන්තයයි. ඔවුන් අවස්ථා 03කදී රග්බි ලෝක කුසලානය තමන් සතු කර ගැනීමට සමත්වුණා. 

2011 සහ 2015 වසරවල අවසන් වරට පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලි දෙකේදී ශූරයින් බවට පත්වූයේ ද නවසීලන්තයයි. දකුණු අපි‍්‍රකාව සහ ඕස්ටේ‍්‍රලියාව අවස්ථා 02 බැගින් රග්බි ලෝක කුසලානය දිනාගෙන තිබෙනවා.

එංගලන්තය 2003 වර්ෂයේදී රග්බි ලෝක කුසලානය තමන් සතු කර ගත්තා. මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලියේදී ප‍්‍රබල නවසීලන්තය තරග වදින්නේ  B කාණ්ඩයෙන්. ඊට දකුණු අපි‍්‍රකාව, ඉතාලිය, නැමීබියාව සහ කැනඩාව ද අයත්.

ඕස්ට්‍රේලියාව D කාණ්ඩයෙන් තරග වදින අතර එංගලන්තය තරග වදින්නේ C කාණ්ඩයෙන්. මෙවර රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය සත්කාරක ජපානය සහ රුසියාව අතර ටෝකියෝ නුවරදී අද පැවැත්වීමට නියමිතයි.