Saturday, April 20, 2024

General line - 0115112241

ඇල්පිටිය ඡන්දයේ තැපැල් ඡන්ද පත්‍රිකා අද තැපෑලට

සමන්ත කුමාර / සජිත් තිලකරත්න




ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද හිමියන්ගේ ඡන්ද පත්‍රිකා තැපෑලට භාරදීම අද (21) සිදු කෙරෙනවා. ඒ, ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදීයි. මැතිවරණ අධ්‍යක්‍ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ ඡන්දදායකයන් එක් දහස් එකසිය අනූ දෙදෙනෙකු එම මැතිවරණයේ තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා  සුදුසුකම් ලබා ඇති බවයි. 

මේ සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සැපයීමට පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

මේ අතර 2019 ජනාධිපතිවරණයට අදාළව සෑම පොලිස් කොට්ඨාසයකම කොට්ඨාස මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීම සදහාත් සෑම පොලිස් ස්ථානයකම පොලිස් ස්ථාන මෙහෙයුම් මැදිරි ස්ථාපිත කිරීම සදහාත් පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා