Friday, March 29, 2024

General line - 0115112241

හදිසි කැබිනට් රැස්වීම ගැන ශ්‍රීලනිපයත් කතා කරයි

සජිත් තිලකරත්න




විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කිරීමට ඉකුත් බ්‍රහස්පතින්දා හදිසි කැබිනට් රැස්වීමක් කැඳවූයේ ජනාධිපතිවරයාගේ අවශ්‍යතාවකට අනුව බවට සිදු කෙරෙන ප්‍රකාශ අසත්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පවසනවා. එහි උප සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී මේ බව කියාසිටියා.

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ යෝජනාව ජනාධිපතිතුමාගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් වුනේ නැහැ. මම ඒ ගැන වගකීමෙන් කියනවා. අගමැතිවරයා තමයි ඉල්ලීමක් කරලා තියෙන්න මේ කැබිනට් මණ්ඩලය රැස්කරන්න කියලා. ඒ වගේම මේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරපු එම යෝජනාව ඇතුලත් පත්‍රිකාවට අත්සන් තබා තියෙන්නෙත් අගමැතිව්රයාමයි, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මෙහිදී කියා සිටියා.

නව සන්ධානයක් ගොඩ නැගීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ ලබන සතියේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව දෙපාර්ශවය අතර පැවැත්වෙන අවසන් සාකච්ඡාව විය හැකි බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර වැඩිදුරටත් සඳහන් කළා.

සිදුකරන සාකච්ජා සම්බන්ධව අලුත් තත්ත්වය ගැන පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම සමග සාකච්ජා කරලා ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මීළඟ සාකච්ජා වටයට යන්න කලින් ජනාධිපතිතුමා පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම මුණගැසී ඒ සම්බන්ධයෙන් සාකච්ජා කරන්න නියමිතයි. මොකද දැන් වැඩි කාලයක් ඉතුරුවෙලා නැහැ, මන්ත්‍රිවරයා කියා සිටියා.