Saturday, April 20, 2024

General line - 0115112241

එජාපයේ ජනපති අපේක්‍ෂකයා නම් කිරීම බදාදා වනවිට අවසන් කිරීමට එකඟතාවක්

සමන්ත කුමාර




එක්සත් ජාතික පක්‍ෂයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා නම් කිරීම ලබන බදාදා වනවිට අවසන් කිරීමට ඊයේ පැවති  එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායක රැස්වීමේදී එකඟතාව පළ වී තිබෙනවා. එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්‍ෂ මහලේකම්, අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මේ බව කියාසිටියා.

" අද දිනයේදී අපි ඉදිරි ජනාධිපති සාකච්ජා කරා, ඒ වගේම එකසත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කිරීම ලබන බදාදා වනවිට අවසන් කිරීමට පුළුවන්. පසුගිය බදාදා පැවති විශේෂ කැබිනට් රැස්වීමෙන් පසු අමාත්‍ය රාවුෆ් හකීම් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අද දිනයේදී පක්ෂ නායකයින් කතා කළා. එතන ගැටලුවක් තියෙනවා. පක්ෂ නායකයින් අමාත්‍යවරයා සිදුකල ප්‍රකාශය වැරදි කියා සඳහන් කර සිටියා".

සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍ය සජිත් ප්‍රේමදාසද මාධ්‍ය වෙත අදහස් පළ කළා.

" අද දිනයේදී අපි සාකච්ජා කළා භේදිමකින් තොරව කොහොමද ඉදිරි මැතිවරණ කටයුතු සිදුකරන්නේ කියලා. ඒ වගේමයි තවත් අවස්ථා කිහිපයකදී මේ  සම්බන්ධයෙන් සාකච්ජා කරන්න සිදුවේවි. බය වෙන්න කාරණාවක් නැහැ, සජිත් එනවා".