Friday, April 19, 2024

General line - 0115112241

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු වැඩසටහන දංකොටුව ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේදී ඇරඹේ




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞර්ෂ සංවර්ධන වැඩසටහනේ 43 වන අදියරේ දෙදින නේවාසික කඳවුර අද (21) අළුයම ආරම්භ වුණා. ඒ, දංකොටුව, ශ්‍රී සංඝබෝධි මධ්‍ය මහා විද්‍යාලයේදීයි.

ඊට සහභාගී වී සිටින සිසුන් මේ වනවිට ශාරීරික ව්‍යායාම්වල නිරත වී සිටිනවා. මෙම වැඩසටහන සම්බන්ධයෙන් ලංකා බැංකුවේ කුරුණෑගල ප්‍රාදේශීය ණය මධ්‍යස්ථානයේ ජේ්‍යෂ්ඨ කළමණාකරු ඕෂද ඒකනායක මෙලෙස අදහස් පළ කළා. 

විද්‍යාලයේ දරු දැරියන් සහ මව්පියන් එක්වන මාපිය වන්දනා වැඩසටහනක් අද උදෑසන ආරම්භවීමට නියමිතයි.